දමිතා සජබය අතහැර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා එක්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

දමිතා සජබය අතහැර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා එක්වෙයි

දමිතා සජබය අතහැර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා එක්වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා එක්වීමට තීරණය කර තිබේ.

 

අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ, සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව එම තීරණයට එළැඹි බවය.

 

සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් තමා ඉවත් වෙන බවත් ඒ සඳහා උපකාර කළ සියලුදෙනාට ස්තූතිය පිරි නමන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය. 

 

දමිතා අබේරත්න එළැඹෙන මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් රත්නපුරය දිස්ත්‍රික්කය සඳහා තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටියද ඇයගේ නම නාමයෝජනා පත්‍රයේ සඳහන් නොවුණි.

 

ඇය ඒ සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ට චෝදනා කළාය.

views

203 Views

Comments

arrow-up