යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට - තවත් අයෙකුට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට - තවත් අයෙකුට තුවාල

යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට - තවත් අයෙකුට තුවාල

වැල්ලවාය හඳපානාගල මාර්ගයේ හඳපානාගල ජලාශය ආසන්න ප්‍රදේශයේ දී ඩබල් කැබ් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (14) රාත්‍රී අනතුරක් සිදුවී තිබේ.

 

අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙක් බරපතළ තුවාල ලබා තිබුණි.

 

මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.

 

තුවාල ලැබූ පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

 

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

views

158 Views

Comments

arrow-up