වසරේ මේ දක්වා ඩෙංගු මරණ 20ක් - රෝගීන් හතළිස් දෙදහසක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

වසරේ මේ දක්වා ඩෙංගු මරණ 20ක් - රෝගීන් හතළිස් දෙදහසක්

වසරේ මේ දක්වා ඩෙංගු මරණ 20ක් - රෝගීන් හතළිස් දෙදහසක්

2024 ආරම්භයේ සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් හතළිස් දෙදහසකට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

 

ඒ අනුව පසුගිය මාස 10 ඇතුළත ඩෙංගු රෝගීන් 41,866ක් දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්.

 

එමෙන්ම ඩෙංගු රෝගීන් 20 දෙනකු මියගොස් තිබෙනවා.

 

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.

 

ඒ අනුව කොළඹ ගම්පහ, කළුතර, යාපනය වැනි දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

views

141 Views

Comments

arrow-up