ඡන්ද පෝස්ටර් අලවන්න ගිය අයට අනාරක්‍ෂිත විදුලි රැහැන මාරකයක් වෙයි

මෙවර මහ මැතිවරණයට මුලතිව් දිස්ත්‍රික්කයෙන් තරග වදින අපේක්ෂකයන් දෙදෙනකු වෙනුවෙන් පෝස්ටර් අලවමින් සිටි මුලතිව් ඔඩ්ඩිසුඩාන් ප්‍රදේශයේ පුද්ගලයෙකු විදුලි සැර වැදීම හේතුවෙන් පෙරේදා (26) මියගොස් තිබේ.
මුලතිව්, විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කසලිංගම් තංගදීපන් නමැති මොහු දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයන් දෙදෙනකුට සහයෝගය ලබාදීම සඳහා ගමක පෝස්ටර් අලවමින් සිටියදී එම ගම්මානයේ නිවසක සිට කම්බි වැටට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීම නිසා මොහු මියගොස් තිබේ.
නිවෙස් හිමියා විසින් නිවසේ සිට ගේට්ටුව දෙසට විදුලි රැහැනක් ඇද ගේට්ටුව ඉදිරිපිට විදුලි බුබුළක් දැල්වීමට කටයුතු කොට තිබී ඇති අතර වර්ෂාව නිසා අනාරක්ෂිත ලෙස ඇද තිබූ එම වයරය ඔස්සේ විදුලිය කාන්දු වී තිබීමෙන් පෝස්ටර් අලවමින් සිටි තැනැත්තාට විදුලිසර වැදී තිබේ.
විදුලිසර වැදුණු පුද්ගලයා මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.
ඔට්ටිසුඩාන් පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
159 Views
Comments