කිරිඇල්ලට නව ඉන්ධන පිරවුම්හලක්

රත්නපුර - පානදුර මාර්ගයේ කිරිඇල්ල උප නගරය ආශ්‍රිතව ඉදි කළ නව ඉන්ධන පිරවුම්හල අද (28) ජනතා අයිතියට පවරනු ලැබුවා.
ඒ, (28) සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.
කිරිඇල්ල විවිධ සේවා සමූපකාර සමිතිය මඟින් රුපියල් කෝටි 13ක් වැය කර, මෙම පිරවුම්හල ඉදි කර තිබෙනවා.
ඒ සඳහා මූල්‍ය ප්‍රදානය ලබා දී ඇත්තේ කිරිඇල්ල සමූපකාර ග්‍රාමීය බැංකුව මඟින්.
රත්නපුර නගරයත්, ඉංගිරියත් අතර පවතින කිලෝමීටර් 45 තුළ ඇති විධිමත් අංග සම්පූර්ණ ඉන්ධන පිරවුම් හලද මෙය වනු ඇති.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco ආයතනය) යටතේ ඉන්ධන සැපයුම සිදු කරන අතර, කිරිඇල්ල නව පිරවුම් හල තුළින් පෙට්‍රල් (Lanka Octane 92,95) ඩීසල් (Lanka Auto Diesel, Super Diesel 4star) සහ භූමිතෙල් (Lanka Kerosene) බෙදා හරිනු ලබනවා.
මෙම නව ඉන්ධන පිරවුම්හලෙහි සේවාව දෛනිකව පෙ.ව.6.00 සිට ප.ව.10.00 දක්වා සපයනු ලබන අතර එය බහාලුම් හයක (6) ගැලුම් 32,000 ක ධාරිතාවයකින් යුක්ත ගබඩා පහසුකම්වලින් ද සමන්විතයි.
සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ සමූපකාර ව්‍යාපාරය මඟින් ඉන්ධන පිරවුම්හල් 45ක් මේ වන විට ක්‍රියාත්මක වනවා.
148 Views
Comments