සජිත් ප්‍රේමදාස නව රජයට සුබ පැතුම් එක් කරයි

මෙවර මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රීධුර සංඛ්‍යාවක් ලබා ගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව රජයට සුබ පතන බව සමගි ජන බලවේගය පක්ෂයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ශ්‍රී ලාංකේය ජනතාව බලාපොරොත්තු වන යහපත් රාජ්‍ය පාලනයක් සදහාත් ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන දේශයක් ගොඩනැගීම සදහාත් අවශ්‍ය ශක්තිය වත්මන් පාලනයට නොඅඩුව ලැබී ඇති බවත් එමගින් රටක් ලෙස අප මේ මොහොතේ මුහුණ දී සිටින දුෂ්කරතා ජයගැනීමට හැකියාවක් වත්මන් පාලනයට උදාවනු ඇතැයිද පවසයි.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ දේශපාලඥයෙකු ලෙස ප්‍රකාශ කළ පරිදිම පැවති දේශපාලන බලවේග තුනෙන් දෙකක බලය භාවිතා කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කඩ කරනු නීති සම්පාදනය කළ ආකාරය අමතක නොකරන ලෙස ද ඒ ගැන සිහිපත් කරන බව ද ප්‍රකාශ කරයි.
151 Views
Comments