පූගොඩ සහ නාගොඩ වැටලීම් දෙකකින් කෝටි 500ක මත්ද්‍රව්‍ය සමඟ 12ක් දැලේ

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මාතර කොට්ඨාස අපරාධ ඒකකය මගින් පූගොඩ සහ ගාල්ල නාගොඩ ප්‍රදේශවල කළ වැටලීම් දෙකකදී රුපියල් කෝටි 500කට අධික වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 223.5ක තොගයක් සමග සැකකරරුවන් 12 දෙනෙකු ඊයේ (21) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය සමග සුඛෝපභෝගී වාහන 2ක් සහ රුපියල් එක්කෝටි දස ලක්ෂයක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයටව ලැබුණු තොරතුරක් මත ගාල්ල නාගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 500කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ අලුයම අත්අඩංගුවට ගන්නා ලදී.
එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 160ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූහ. ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ තොරතුරු හෙළි විය.
ඒ අනුව ගාල්ල නාගොඩ ප්‍රදේශයේ නිවෙසක් වැටලූ පොලිසිය එහි සඟවා තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 220ක් අත්අඩංගුවට ගත් අතර එහි සිටි සැකකරුවකු ද පොලිස් භාරයට ගෙන තිබිණි.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය විදේශයක සිට ගන්දර නිවුන්නවැල්ල ධීවර වරාය වෙත බෝට්ටුවකින් ගෙනැවිත් එතැන් සිට ගාල්ල නාගොඩ දක්වා වෑන් රථයකින් ප්‍රවාහනය කර ඇති බවයි.
තවදුරටත් විමර්ශන පැවැත්වූ මාතර කොට්ඨාස අපරාධ මෙහෙයුම් ්ඒකකය මාතර ප්‍රදේශයේදී තවත් සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගත්හ.
මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම මත්ද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.
විමර්ශන කණ්ඩායම් පවසන්නේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය මත්ද්‍රව්‍ය ජාවාරමට අලුතින් එක්වූ පිරිසක් බවයි.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු ඊයේ (21) අලුයම පූගොඩ ප්‍රදේශයේදී කළ වැටලීමකදී රුපියල් කෝටි 7කට අධික වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3 1/2ක් අත්අඩංගුවට ගැනීමට සමත්වූහ.
මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් දෙදෙනකු ද සුඛෝපභෝගී මෝටර් රථයක් සහ රුපියල් එක්කෝටි දසලක්ෂයක මුදලක් ද සොයාගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය මෙහෙයවන්නේ චාමර නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් බවට පොලිසිය සැක පහළ කරයි.
පොලිස් විශේෂ කාර්ය බළකායට අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වූහ.
143 Views
Comments