බුජ්ගමුව ඔයට සුඛෝපභෝගී ජීප් රථයක් පෙරළී දෙදෙනෙකු ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

බුජ්ගමුව ඔයට සුඛෝපභෝගී ජීප් රථයක් පෙරළී දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

බුජ්ගමුව ඔයට සුඛෝපභෝගී ජීප් රථයක් පෙරළී දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

අද (23) අළුයම කුලියාපිටිය, හෙට්ටිපොල මාර්ගයේ කඹුරාපොල පාලම අසලින් කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොල දෙසට ධාවනය වූ ජීප් රථයක් බුජ්ගමුව ඔයට වැටීමෙන් අනතුරක් සිදු වූ බව පොලීසිය පවසයි.

 

දොඹකරයක් ආධාරයෙන් ඔයට වැටී තිබූ ජීප් රථය ගොඩට ගෙන ඇති අතර, රථය තුල සිරවී සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් මියගොස් සිට ඇති බවට තහවුරු වී ඇත.

 

මරණකරුවන් අවුරුදු 25 හා 27 වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් දෙදෙනා සහෝදරයන් බවට අනාවරණය වී ඇත.

 

මෙම අනතුර සිදු වූ ස්ථානය වංගු සහිත ස්ථානයක් වන අතර, රථය පාලනයෙන් මිදී මාර්ගය අයිනේ ඇති ඔයට වැටී ඇති බවට දැනට සිදුකරනු ලැබූ පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත. 

 

මෘත ශරීර කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

views

173 Views

Comments

arrow-up