පාලන මිල ඉක්මවා බිත්තර විකිණූ වෙළෙන්දෙකුට වැඩ වරදී

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ හැටන් නගරයේ වෙළෙඳසැල් හිමියෙකුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික සේවා අධිකාරිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එහිදී ඔහු වරද පිළිගෙන ඇති අතර දිසාවිනිසුරු ෆාරුක් ඩීන් විසින් සැකකරුට මෙලෙස රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.
රතු බිත්තරයක් රුපියල් 52 කට සහ සුදු බිත්තරයක් රුපියල් 56 ක මිලකට අදාල වෙළෙඳසැල් හිමියා විසින් අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
257 Views
Comments