ජාත්‍යන්තර වනජීවී දිනය අදයි

ජාත්‍යන්තර වනජීවී දිනය අදට යෙදී තිබිණ.
වනජීවි සංරක්ෂණය සඳහා හවුල්කාරීත්වය යන්න මෙවර එහි තේමාවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් පාරිසරික සම්බන්ධතාවය සඳහා වනජීවීන් රැක ගැනීම සමස්ත මානව ප්‍රජාවේ වගකීම යන්න සිහිගන්වමින් ලෝක වනජීවී දිනය ප්‍රකාශයට පත් කර ඇත.
මෙරට වනජීවීන් ද මේ වනවිට බරපතල තර්ජනයකට ලක්ව ඇති අතර එවැනි සතුන් රැක ගැනීමට ප්‍රජාවද සක්‍රීය දායකත්වයක් ලබා දිය යුතු බව සඳහන් කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එලෙස තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ විසිපහකට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර තිබේ.
232 Views
Comments