හාලිඇල දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

හාලිඇල දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පනී

හාලිඇල දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පනී

ඓතිහාසික දෝව රජමහා විහාරස්ථානයේ පෙරහරට සහභාගි වූ නර්තන කණ්ඩායමක සිසු සිසුවියන් රැගත් වෑන් රථයක් අද (14) අලුයම බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල ගණදෙවි දේවාලය ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටී අනතුරකට ලක්ව තිබේ.

 

අනතුරින් නර්තන ගුරුවරයා, සිසුවියන් අට දෙනෙකු සහ සිසුන් දෙදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි.

 

මොවුන්ගෙන් කිහිපදෙනක් ගේ තත්ත්වය බරපතළ බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

 

මොවුන් බදුල්ල ප්‍රදේශයේ කලා ආයතනයක නර්තන ගුරුවරයකු සහ සිසුන් පිරිසකි.

views

212 Views

Comments

arrow-up