ජනපති යළි දිවයිනට

සිංගප්පූරුවේ සහ ජපානයේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (27) රාත්‍රී මැලේසියාවේ ක්වාලාලාම්පූර්නුවර සිට මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ.
පසුගිය අඟහරුවාදා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා සිංගප්පූරු සංචාරයෙන් අනතුරුව ජපානය බලා පිටත්ව ගියේය.
ජපාන සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් කිහිපදෙනෙකු මුණගැසී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබූ අතර එරට සංවිධානය කර තිබූ ව්‍යාපාරික හමු කිහිපයකටද එක් වූහ.
මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වියට්නාම සහ සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන්ද මුණ ගැසී සාකච්ඡා කළේය.
255 Views
Comments