ගල්කිස්ස පොලිසිය ටේම්ප්ලස් පාරේ අවුරුදු 100 ක් පැරණි ගසක් බේරා ගනී

වසර 100 කට අධික ඉතිහාසයක් ඇති ගල්කිස්ස, ටේම්ප්ලස් පාරේ තිබූ ගසක් කපා ඉවත් කිරීමට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව ගත් උත්සාහය පොලිසිය විසින් නවතා තිබේ.
එම ගස කපා ඉවත් කිරීමට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී එලෙස පොලිසිය මැදිහත් වී ඇත.
මහ නගර සභාවේ උසස් නිලධාරියෙකු පවසා ඇත්තේ බූල් ඇපල් ලෙස හැඳින්වෙන එම ගස හේතුවෙන් හිරිහැර වන බවට ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු විසින් දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවට පැමිණිලි කර තිබූ බවයි.
ඒ පිළිබඳව සොයා බැලීමට සිය සේවකයින් එම ස්ථානයට යැවූ බවත් එහිදී අනාවරණය වූ කරුණු මත එම ගසෙහි අතු කිහිපයක් පමණක් කපා දැමීමට කටයුතු කළ බව එම නිලධාරියා වැඩිදුරටත් පවසා තිබේ.
232 Views
Comments