තවත් සාත්තු සේවකයින් පිරිසක් ඊශ්‍රායලයට

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා අවස්ථාව හිමි කර ගත් තවත් පිරිසකට අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ගුවන් ටිකට්පත් ලබා දීම සිදු කර තිබේ.
එම කණ්ඩායම ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 6 වන ශ්‍රමික කණ්ඩායම වන අතර ඔවුන් ලබන 26 වනදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.
ඊශ්‍රායල සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා ලබා ගත හැකි අතර ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස ද ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
281 Views
Comments