JUN
17
ඔරුගොඩවත්ත අඹතලේ මාර්ගය මාස තුනකින් ඉවර කරන්න - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ඔරුගොඩවත්ත අඹතලේ මාර්ග කොටසෙහි අලුත්වැඩියා කටයුතු මාස තුනකින් අවසන් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ.
විදේශ ආධාර මත මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර සංවර්ධනය කෙරෙන සමස්ථ මාර්ග කොටසේ දිග කිලෝමීටර් 7.7කි.
2016 වසරේ ජනවාරි මාසයේදී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය 2020 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබුනත් අදාළ කොන්ත්‍රාත් සමාගමේ දුෂ්කරතාවන්, වන්දි ගෙවීම්, ජල නල එළීමේ ගැටලු ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් ව්‍යාපෘතියේ කටයුතු ප්‍රමාද විය.
276 Views
Comments