ගංජා ඇල්ලුවාට පොලිසියේ දෙන්නෙක්ගේ වැඩ තහනම්

කොළඹ - නුවර මාර්ගයේ කැලණිය ගුවන් පාලම අසල රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වැඩ තහනමට ලක්වීමෙන් පසු බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
කේරළ ගංජා කිලෝග්‍රෑම් 12 ක තොගයක් අත්අඩංගුවට ගත් සිද්ධියේදී සැකකරුවන් සහ වාහන අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීමේ චෝදනාවට කැලණිය (1) සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබේ.
අදාල වාහනයේ පිටුපස තිබූ ජංගම දුරකථන තොගයක් සහ ගමන් මළු කීපයක් පිළිබඳව නිලධාරියෙක්ට ඇති වූ සැකයක් මත පරීක්‍ෂා කරමින් සිටියදී එහි පැමිණි පුද්ගලයන් දෙදෙනා වාහනය පණ ගන්වාගෙන පලාගොස් ඇති අතර වාහනයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය ද පොලිස් නිලධාරීන් භාරයේ තිබී ඇත.
වාහනයේ පිටුපස විවෘතව තිබියදී ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනකු මාර්ගයේ තිබී සොයාගත් තවත් ගංජා මල්ලක් පොලිසියට භාරදී ඇත.
රියදුරු බපත්‍රය ඔස්සේ පරීක්‍ෂණ කර පලාගිය වාහනය පොලිස් භාරයට ගෙන තිබුණ ද පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ දක්වා අපොහොසත්ව ඇති බව ද වාර්තා වේ.
169 Views
Comments