23 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීම මෙම සිද්ධියට සම්බන්ධව 17 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

23 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීම මෙම සිද්ධියට සම්බන්ධව 17 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට

23 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීම මෙම සිද්ධියට සම්බන්ධව 17 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට

පසුගිය 31 වැනිදා රාත්‍රියේ පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් ඉදිරිපිටදී තියුණු කඩුවකින් පහරදී 23 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීම මෙම සිද්ධියට සම්බන්ධව 17 හැවිරිදි පාසල් වියේ පසුවන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය වාර්තා කර තිබෙනවා. 

 

 

අත්අඩංගුවට ගත් පුද්ගලයා පානදුර බැක්කේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතනයට ලක්වූ සෙබස්තියන් මියුරු හසංජය පදිංචිව සිටියේ පානදුර මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේය.

 

 

ත්‍රිරෝද රථ දෙකකින් සහ යතුරුපැදි දෙකකින් සමන්විත පිරිසක් මෙම ප්‍රහාරය සංවිධානය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවේ පසුවන සැකකරු ප්‍රධාන සැකකරුට සහය වීමට ත්‍රිරෝද රථයකින් එම ස්ථානයට පැමිණි බව වැඩිදුර විමර්ශනවලදී තහවුරු විය. සිද්ධියට යොදාගත් ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇත. 

 

 

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් පුද්ගලයන් සොයා බලධාරීන් මේ වන විට පරීක්ෂණ පවත්වයි.

 

 

සැකකරු නීතිමය කටයුතු සඳහා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් පරිදි අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී. විජේතුංග, කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ සමස්ත විමර්ශනය සිදු කෙරේ.

views

243 Views

Comments

arrow-up