රේල්ලුව සංස්ථාවක් කරන නීති කඩිනමින්

දුම්රිය දෙපාර්තමේන්තුව සංස්ථාවක් බවට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කඩිනමින් ගෙන එන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සහ පුහුණුව සම්බන්ධ ගැටළු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් හසුරුවන බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කොට ඇත.
මීට අමතරව කේ. නෙල්සන් මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ පුද්ගලයන් අංගසම්පූර්ණ එන්ජින් රියදුරන් ලෙස පුහුණු කිරීමට වසර දහයක්වත් ගත වනු ඇති බවය.
181 Views
Comments