ගම්පහ සහ කොළඹ හෙට සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

හෙට 26 සිට මැයි 02 වැනි දා දක්වා බස්නාහිර පළාත තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් 49% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කර සිටී.
ඒ අනුව ඩෙංගු වැඩි අවදානමක් සහිත සියළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කේන්ද්‍ර කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව සඳහන් වේ.
බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසා සිටින්නේ ජනතාව දැනුවත් කිරීම, නිවාස සහ පරිශ්‍ර පරික්ෂා කිරීම, ඇතුළු කටයුතු මෙන්ම මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පාර්ශ්වයන් වලට නීතිමය පියවර ගැනීමද මෙහිදී සිදුවන බවයි.
260 Views
Comments