SLT මොබිටෙල් වෙතින් අවුරුදු සමයේ "රීලෝඩ් වාසි පිට වාසි" සැමට

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් "රීලෝඩ් වාසි පිට වාසි" දීමනාවක් හඳුන්වා දී තිබේ.
මේ යටතේ SLT-MOBITEL පෙරගෙවුම් පාරිභෝගිකයන් 300 දෙනෙකුට අප්‍රේල් මාසය තුළදී රුපියල් මිලියන 03 ක් දක්වා මුදල් ත්‍යාග දිනාගැනීමට අවස්ථාව හිමි වෙයි.
2023 අප්‍රේල් 01 සිට අප්‍රේල් 30 දක්වා තම SLT-MOBITEL පෙරගෙවුම් සම්බන්ධතාවන්ට රුපියල් 100 ක් හෝ ඊට වැඩි මුදලක් රීලෝඩ් කිරීමෙන් පාරිභෝගිකයන්ට මෙම දිනුම් ඇදීමට ඇතුළත් විය හැකි අතර, දිනපතා වාසනාවන්ත ජයග්‍රාහකයන් 10 දෙනෙකුට රු. 10,000 බැගින් හිමි වන බව SLT-MOBITEL කියා සිටී.
රීලෝඩ් කරන සෑම රුපියල් 100 ක මුදලක් සඳහාම පාරිභෝගිකයන්ට එක් දිනුම් අවස්ථාවක් බැගින් හිමි වන අතර, එම නිසා, රීලෝඩ් වටිනාකම වැඩි වන තරමට හිමිවන දිනුම් අවස්ථා ගණන වැඩි වනු ඇත.
තරගයේ ජයග්‍රාහකයන් අහඹු ලෙස තෝරාගනු ලබන අතර, SLT-MOBITEL විසින් ජයග්‍රාහකයන් අමතා ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගෙන, ජයග්‍රහණ පිළිබඳ තොරතුරු ඔවුන් වෙත දැනුම් දෙනු ඇත.
එසේම #151# ඩයල් කිරීම මගින් පාරිභෝගිකයන්ට ඕනෑම මොහොතක තම දිනුම් අවස්ථා පරීක්ෂා කළ හැකි වේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු https://www.mobitel.lk/reload-wasi වෙබ් අඩවියෙන් ඔබට දැනගත හැකිය.
247 Views
Comments