කුල දරුවන් සසුනට පූජා කිරීමේ අවම වයස් සීමාවක්

ඉදිරියේදී කුල දරුවන් සසුනට පූජා කිරීමේ වයස් සීමාවක් හඳුන්වාදීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
දරුවන් සසුනට පූජා කළ හැකි වයස් සීමාව සම්බන්ධයෙන් ළමා රක්ෂක අධිකාරිය සමග ද සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මහ නා හිමිවරුන් සමග මෙම සතියේදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසා සිටියේය.
නිවැරදි මග පෙන්වීමකින් තොරව කුඩා දරුවන් සසුනට පූජා කිරීම තුළින් එම දරුවන්ට මව්පිය සෙනෙහස අහිමි වීම වැනි මානුෂිය කරුණු සලකා බලා මෙම තීරණයට එළඹ තිබේ.
313 Views
Comments