ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ ප්‍රාථමික රෝහල්වලට ඖෂධ

ප්‍රාථමික රෝහල්වල හිඟ අත්‍යවශ්‍ය ඖෂධ ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
මාස 3කට සරිලන ඖෂධ තොග මිලදී ගෙන අදාල රෝහල් වෙත ඉතාම නුදුරු දිනකදී භාර දෙන බව ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේය.
මීට සමගාමීව ශ්‍රී ලංකාව පුරා ඇති සියලුම දන්ත සායනවලට අවශ්‍ය ඖෂධ ලබාදීමටද අවදානය යොමුකර ඇති අතර එම සේවා යථා තත්ත්වයට පත්කිරීමට එමගින් හැකියාව ලැබෙනු ඇතැයි වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
241 Views
Comments