අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිනුම්වලින් මුදල් ලබා ගත් සැකකරුවෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිනුම්වලින් මුදල් ලබා ගත් සැකකරුවෙක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිනුම්වලින් මුදල් ලබා ගත් සැකකරුවෙක් අත්අඩංගුවට

ගම්පහ ප්‍රදේශයේදී අන්තර් ජාලය හරහා විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිනුම්වලින් මුදල් තම බැංකුවට බැර කර ගත් බව කියන කදාන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයක් අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි.

 

 

ඡංගම දුරකතන හතරක්, කුඩා ජංගම දුරකතන තුනක් සිම් කාඩි 73ක් සැකකරු සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇත.

 

 

 

ගම්පහ නගරයේ ගමන්ගත් සැකකටයුතු පුද්ගලයකු ගැන සැක සිතූ නගර රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 

සැකකරුව එරෙහිව ගම්පහ, කැස්බෑව, රාගම, වේයන්ගොඩ, හෙට්ටිපොළ, පානදුර දකුණ කළුතර, තිහගොඩ, කෑගල්ල, අනුරාධපුර, ග්‍රෑන්පාස්, ගොඩකවෙල, යන පොලිස් ස්ථානවලට පැමිණිලි රැසක් ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.

 

views

307 Views

Comments

arrow-up