පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා නියාමනයක්

මධ්‍යම පරිසර අධිකාරිය විසින් පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා අදාළ අමුද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේදී ඒවා නියාමනයකට යටත් කිරීමට තීරණය කොට ඇත.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ පැවසුවේ අද (ජූනි 5) දිනයේදී මධ්‍යම පරිසර අධිකාරිය හා රේගුව එක්ව එයට අදාළ ගිවිසුමක් අස්සන් කෙරෙන බවයි.
රේගුව සහ මධ්‍යම පරිසර අධිකාරිය ගිවිසුම්ගත වන්නේ ලංකාවට ප්ලාස්ටික් හා පොලිතින් නිපදවීමට අදාළ අමුද්‍රව්‍ය අසීමාන්තිකව ගෙන ඒම කළමනාකරණය කිරීම සඳහා බව හෙතෙම කීය.
මින්පසු තම අභිමතය පරිදි නිදහසේ ප්ලාස්ටික් හා පොලිතින් රට තුළට ගෙන ඒමට අවකාශය හිමි නොවන බව ද ඔහු අවධාරණය කළේ ය.
සභාපතිවරයා පැවසුවේ යම් කිසි අයෙක් මෙකී අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කරන්නේ නම්, ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර පතක් ලබා ගත යුතු බවයි.
මෙසේ ගෙන ආ අමුද්‍රව්‍යවලින් සිදුකරන නිෂ්පාදන හා ඒවා බැහැර කිරීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි නම් යළිත් එම අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඔවුන්ට අවසර හිමි නොවන බව වැඩිදුරටත් සඳහන් කරන ලදී.
442 Views
Comments