චීනයට ගෙන යන්න සැරසෙන ලංකාවේ රිළවුන්ගේ ඉරණම?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

චීනයට ගෙන යන්න සැරසෙන ලංකාවේ රිළවුන්ගේ ඉරණම?

චීනයට ගෙන යන්න සැරසෙන ලංකාවේ රිළවුන්ගේ ඉරණම?

මෙරටින් චීනයට රිළවුන් අපනයනය කිරීම පිටුපස වංචාකාරී සහ අමානුෂික අරමුණක් තිබිය හැකි බවට පරිසරවේදී සංවිධානයක් සැක පළ කොට සිටී.

 

චීනය ශ්‍රී ලංකාවෙන් රිළවුන් මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් ඒ කුමන අවශ්‍යතාවයක් සඳහා කොපමණ සංඛ්‍යාවක් ද යන කරුණ විනිවිදභාවයකින් යුත් සංඛ්‍යාලේඛන වශයෙන් තිබිය යුතු බවට එම පරිසරවේදී සංවිධානය විසින් කියා සිටී.

 

රටක යම්කිසි සත්වයෙක් පිටරටකට යැවිය හැක්කේ සංරක්ෂණ කටයුත්තක් සඳහා හෝ සත්ත්වෝද්‍යානයක් වෙනුවෙන් කරන හුවමාරුවක් සඳහා පමණක් බව මෙහිදී කියා සිටින පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා, මාංශ සඳහා හෝ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යම්කිසි සත්ත්ව කොට්ඨාශයක් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධි කටයුත්තක් බව ද කියා සිටී.
 

views

207 Views

Comments

arrow-up