හරක් කටා සහ කුඩු සලිඳු LTTE එක සමගත් ගනුදෙනු කරලා - තවත් රහස් රැසකුත් එළියට

දින 90 ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලට ලක්ව සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂිත හෙවත් කුඩු සලිඳු විසින් අනාවරණය කරන ලද කාරණා රැසක් මාධ්‍ය වෙත හෙළි කොට තිබේ.
ඔවුන් පවසන ආකාරයට ඔවුන් ඩුබායි සිට මැඩගස්කරය බලා ගමන් කළ ජෙට් යානය ඔවුන්ට සපයා ඇත්තේ, LTTE ත්‍රස්ත ජාලය සමග සෘජුවම සබඳතා පවත්වන ලද ඉන්දික බණ්ඩාර නොහොත් හර්බි නැමැති පුද්ගලයෙකු විසිනි.
එම පුද්ගලයා ප්‍රභූවරුන් ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය සමග ත්‍රස්ත මර්ධන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අයෙක් වන අතර, ඒ පිළිබඳව අධිකරණය හමුවේ වරදකරුවකු ද වූ අයෙකු බව හෙළිව තිබේ.
එසේම ඔවුන් මැඩගස්කරයට පැමිණ ඇත්තේ, හරක් කටා ගේ විදෙස් ජාතික බිරිඳට දාව උපන් දරුවාගේ ආගමික වතාවත් සඳහා බවද අනාවරණය වී තිබෙන අතර, හරක් කටා විසින් අවස්ථා දෙකකදී මෙරටට හෙරොයින් කිලෝ ග්‍රෑම් 645 ක්, නීති විරෝධී ගිනි අවි 3 ක්, AK-47 වර්ගයේ ගිනි අවි 05 ක් හා එම උණ්ඩ 1000 ක් එවා ඇති බව විමර්ශන නිලධාරීන් කියා සිටී.
309 Views
Comments