අහංගමදී හරක් කටා ගේ ගෝලබාලයින් පිරිසකගෙන් හෝටල් හිමියෙකුට වෙඩි වරුසාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

අහංගමදී හරක් කටා ගේ ගෝලබාලයින් පිරිසකගෙන් හෝටල් හිමියෙකුට වෙඩි වරුසාවක්

අහංගමදී හරක් කටා ගේ ගෝලබාලයින් පිරිසකගෙන් හෝටල් හිමියෙකුට වෙඩි වරුසාවක්

අහංගම මිදිගම හෝටලයක් ඉදිරිපිට දී එම හෝටලයේ අයිතිකරුට වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් අද පස්වරු 6.15 ට පමණ වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

 

ටී - 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් හෝටල් හිමිකරුට වෙඩි තබා ඇති අතර, ඊට සහභාගී වූ පිරිස අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ ගෝලයින් බව පොලිසිය සැක පළ කර සිටී.

 

තුවාල ලැබූ හෝටල් හිමිකරු මාතර මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර ඔහුගේ තුවාල වල තත්වය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.

 

2021 වසරේදී ද තුවාලකරු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇති අතර ඉන් ඔහුගේ සහෝදරයා මියගොස් ඇතැයි සඳහන් වේ.

 

මෙලෙස වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ පසිඳු සඳරුවන් දොඩම්ගොඩගේ නැමැති තිස් එක් හැවිරිදි අයෙකු බව සඳහන් වේ.

 

සිද්දිය සම්බන්ධයෙන් මිදිගම පොලිස් ස්ථානය ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක් මගින් පරීක්ෂණ සිදු කෙරේ.
 

views

275 Views

Comments

arrow-up