දුම්රිය ගාස්තුව ගැන වැඩ බලන ඇමති දුන් තීන්දුව

දුම්රිය ගාස්තු මේ මොහොතේදී පහළ දැමීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටි බව වාර්තා වේ.
ප්‍රවාහන ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.
දුම්රිය සේවය පාඩුපිට ක්‍රියාත්මක වන සේවාවක් බැවින් මේ මොහොතේ දී ගාස්තු සංශෝධනයක් කෙරෙහි අවධානය යොමු නොකරන බවත්, ඉදිරියේ දී යම් සහනයක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
244 Views
Comments