රජයට එරෙහිව හරිත අලුත්ගේ ගෙන් බරපතල අනතුරු ඇඟවීමක්

රජය මේ මොහොතේ සියතින් ගෙල සිඳගැනීමේ උත්සාහයක පැටලී සිටින බවත්, මර්දනය ප්‍රධාන අවිය ලෙස තෝරාගත් සියළුම පාලකයන්ට අතීතයේ සිටම උරුම වූයේ ඉතිහාසයේ කුණු බක්කිය පමණක් බවත්, රජය පියවරක් පසුපසට නොගතහොත් එම ඉරණමම මේ රජයටත් උරුම කිරීමට ජනතාව සහ වෘත්තිකයන් පෙළගැසෙනු ඇති බවටත් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටී.
යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත සහ අසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා හකුළා ගත යුතු බවට තරයේ කියා සිටිමින් තම අදහස් දැක්වීම සිදු කළ ඒ මහතා, විරෝධතාවලින් ඔබ්බට ගොස් දැවැන්ත වැඩවර්ජනයන් දක්වා තීන්දු තීරණ ගැනීමට වෘත්තීයවේදීන් පෙළඹවීමට ක්‍රියා නොකරන්නැයි රජයට අනතුරු අඟවා සිටියේය.
190 Views
Comments