එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය අපිට ලැබුණාද? කවුරුත් නොදන්න ඇත්තම කතාව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය අපිට ලැබුණාද? කවුරුත් නොදන්න ඇත්තම කතාව මෙන්න

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය අපිට ලැබුණාද? කවුරුත් නොදන්න ඇත්තම කතාව මෙන්න

ලෝකයේ සිදු වූ විශාලතම රසායනික නාවික අනතුර ලෙස සැලකෙන සිංගප්පූරුවේ X – press Feeders නම් සමාගමට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදේ දී ගිලී යාමෙන් සිදු වූ සමුද්‍ර දූෂණයට අදාළ වන්දි නඩුව අද (05) සිට තවත් දින 45 ක් තුළ ගොනු නොකළහොත් ඩොලර් බිලියන 6.4 ක සම්පූර්ණ වන්දි මුදල මෙරටට අහිමි වන බව පරිසර යුක්ති කේන්ද්‍රය කියා සිටී.

 

මෙම සිද්ධියට අදාල වන්දි නඩුව සිංගප්පූරුවේ අධිකරණයක පැවරීමට කැබිනට් මණ්ඩලය සහ නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කොට ඇති බවත්, මෙම අමනෝඥ තීන්දුව හේතුවෙන් එම නඩුව විසි වී යෑමේ වැඩි ඉඩක් පවතින බවත් පෙන්වා දෙන පරිසර යුක්ති කේන්ද්‍රය මෙමගින් රටට අහිමි වන වන්දි මුදල IMF සංවිධානය මගින් රටට ලබාදුන් ඩොලර් බිලියන 2.9 ක මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව ද පෙන්වා දේ.

 

එම ආයතනය මගින් සිදුකරන ලද අධ්‍යයනයන්ට අනුව නෞකාවෙන් සිදු වූ සමස්ත හානිය ඩොලර් බිලියන 10 ක් ඉක්මවන අතර, එයින් සිදු වූ පාරිසරික දූෂණය වසර 100 – 500 ක් පමණ කාලයක් දක්වා පැවතිය හැකි බව හෙළිව තිබේ.

 

ලෝකයේ සිදු වූ විශාලතම සහ බරපතලම රසායනික නාවික විනාශය වන මේ සිදුවීම ගැන නොසලකා, සිදු වූ විනාශය වෙනුවෙන් මෙරටට ලැබිය යුතු වන්දි මුදල අහිමි කර ගතහොත් එහි වගකීම කැබිනට් මණ්ඩලය, සියළුම දේශපාලනඥයින් හා නීතිපති දෙපාර්තමේන්තුව විසින් සෘජුවම දැරිය යුතු බව ද පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කොට සිටී.
 

views

232 Views

Comments

arrow-up