මෙරටට ගෙන්වීම අත්හිටවූ භාණ්ඩ සියල්ල ආනයනයට ඉදිරියේදී අවසර

රට තුළ පැවති ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයනය අත්හිටවූ භාණ්ඩ 689 ක තහනම ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ භාණ්ඩ 1464 ක් ආනයන කිරීම මුළුමනින්ම නතර කොට පැවති අතර, රජයේ ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් යම් ලිහිල් කිරීමක් කරමින් භාණ්ඩ 779 ක් ආනයනය කිරීම සඳහා මේ වනවිට යළි අවසරය ලබා දී ඇති බවත්, ඉතිරි භාණ්ඩ 689 පිළිබඳ ඉදිරියේදී අවධානය යොමු කරන බවත් ය.
213 Views
Comments