හැමෝම එපා කියන ප්‍රති ත්‍රස්ත පනත රුක්ශාන් බෙල්ලනට විතරක් හොඳයිලු

ත්‍රස්තවාදී ක්‍රියාවන්හි යෙදෙන වෘත්තීය සමිති මට්ටු කිරීම සඳහා ප්‍රති ත්‍රස්තවාදී පනත ගෙන ආ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන කියා සිටී.
ඇතැම් වෘත්තීය සමිති විසින් දැවැන්ත විරෝධතා සහ වැඩවර්ජන ගැන කියමින් කටමැත දොඩවන බවත්, වෘත්තීය සමිති මාෆියාව නිසා රටත්, ජනතාවත් ඇති තරම් බැට කා ඇති බවත් කියා සිටින ඔහු, තවදුරටත් ජනතාව බිලිගැනීමට වෘත්තීය සමිතිවලට ඉඩ නොදිය යුතු යැයි කියා සිටින අතර, රජයේ වැඩපිළිවෙළ සාර්ථක කර දීම සඳහා වෘත්තීය සමිති 72 ක් එක්වී ජනතාවාදී වෘත්තීය සමිති එකමුතුවක් පිහිටුවීමට සැරසෙන බවත් වැඩිදුරටත් කියා සිටියේය.
252 Views
Comments