උසස් පෙළ කාලේ විදුලි ඉල්ලුම අඩු කරන හැටි ජනක කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

උසස් පෙළ කාලේ විදුලි ඉල්ලුම අඩු කරන හැටි ජනක කියයි

උසස් පෙළ කාලේ විදුලි ඉල්ලුම අඩු කරන හැටි ජනක කියයි

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුල විදුලි ඉල්ලුම අඩුකිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන හා විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

 

විශේෂයෙන්ම විභාග පැවත්වෙන කාලය තුල වායුසමීකරණ යන්ත්‍ර භාවිත නොකිරීම හා වෙනත් ආකාරයන්ගෙන් විදුලි පරිභෝජනය අවම කිරීමට ක්‍රියාකර විදුලි ඉල්ලුම අඩු කල හැකි බවද එහි සභාපති ජනක රත්නායක පැවසීය.

 

විදුලිය ඉල්ලුම කළමනාකරනය කර විභාගය පැවත්වෙන කාලය තුලදී අවශ්‍ය විදුලි සැපයුම ලබාදීමට සියලු පාර්ශ්වයන් සහාය වනු ඇතැයි කොමිෂන් සභාව අපේක්ෂා කරන බවද හෙතෙම සදහන් කළේය.

 

විභාග කාලසටහනේ විභාග පැවත්වෙන කාලය තුල හා රාත්‍රි කාලයේදී විදුලිය විසන්ධිකිරීම නිසා විභාග අපේක්ෂකයින් අපහසුතාවට හා දුෂ්කරතාවයට පත් වන බව විභාග කොමසාරිස් ජනරාල් විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දන්වා තිබූ බවද ඔහු කියාසිටියේ ය.

 

ඊට ප්‍රතිචාරීව උසස් පෙල විභාගය සාර්ථකව පැවත්වීමට විදුලිය විසන්ධි කිරීමෙන් වැළකීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කළ බවද ඔහු පැවසීය.

 

කෙසේ නමුත් මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් බව ලංකා විදුලිබල මණ්ඩලය කොමිෂන් සභාව වෙත දන්වා ඇති බවත් සිසු දරුවන් තුන්ලක්ෂ පනස්දහසක් පමණ පෙනී සිටින උසස් පෙල විභාගය අඩාල වීමට ඉඩ නොදී ක්‍රියාකිරීම රජයේ මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ ද වගකීම බවද සභාපතිවරයා කියාසිටියි.

 

views

206 Views

Comments

arrow-up