විවාහ මංගල සඳහා තිබු මත්පැන් තහනම ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

විවාහ මංගල සඳහා තිබු මත්පැන් තහනම ඉවතට

විවාහ මංගල සඳහා තිබු මත්පැන් තහනම ඉවතට

කොවිඩ් වසංගතය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවල වෙනස්කමක් සිදුකර තිබෙනවා. නව මාර්ගෝපදේශ මාලාව අද සිට ලබන දෙසැම්බර් මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙනු ඇති.

 

 

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සව සඳහා සහභාගිවිය හැක්කේ අදාළ උත්සව ශාලාවේ පවතින ධාරිතාවෙන් සීයයට 50කට පමණයි. මිට පෙර නිකුත් කර තිබු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය අමුත්තන් 200ක් ලෙස සදහන් කර තිබුණා. එමෙන්ම එළිමහනේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයක් සඳහා දෙසිය පනස්දෙනකුට සහභාගි වීමේ හැකියාව පවතින බවයි සඳහන් කර තිබුණේ.

 

 

එමෙන්ම විවාහ මංගල උත්සව සඳහා මිට පෙර මත්පැන් භාවිතය තහනම් කර තිබු අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ඉවත් කර ඇත.

views

733 Views

Comments

arrow-up