ඉගිලෙන්න ගිය මෝටර් රථය අඩි 50ක් පහළට - රියදුරුට බරපතලයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

ඉගිලෙන්න ගිය මෝටර් රථය අඩි 50ක් පහළට - රියදුරුට බරපතලයි

ඉගිලෙන්න ගිය මෝටර් රථය අඩි 50ක් පහළට - රියදුරුට බරපතලයි

නුවරඑලිය සිට හැටන් දක්වා ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ ප්‍රපාතය සහිත තේ වත්තකට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත් රියදුරා බරපතල තුවාල ලබා නුවරඑලිය මහ රෝහලට ඇතුලත් කර ඇත.

 

හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සෙන් ක්ලෙයාර් වත්ත ප්‍රදේශයේදි අද(09) අලු‍යම 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.

 

අධික වේගයෙන් ධාවනය කරවූ මොටර් රථයේ වේගය පාලනය කරගත නොහැකිව රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදු වන්නට ඇති බව අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය සැක පලකරයි.

 

අනතුරෙන් තුවාල ලැබු රියදුරා මොටර් රථයේ අයිතිකරු බවත්, තුවාලකරු මිට ප්‍රථම මෙම මොටර් රථය බිමත්ව ධාවනය කිරිමේ චෝදනාව මත පසුගිය සතියේ තලවකැලේ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරු වරද පිලිගත් නිසා රු.25000 දඩයක් නියම කර චුදිතගේ රියදුරු බලපත්‍රය මාස තුනකට අත්හිටුවිමට නුවරඑලිය අධිකරණයෙන් නියෝග කර තිබේ.

 

තුවාලකරු රියදුරු බලපත්‍රය නොමැතිව මොටර් රථය ධාවනය කර ඇතැයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය පැවසිය.

views

710 Views

Comments

arrow-up