ඔමික්‍රෝන් මේ වෙනකොටත් ලංකාවේ පැතිරිලා තියෙන්න පුළුවන් -විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

ඔමික්‍රෝන් මේ වෙනකොටත් ලංකාවේ පැතිරිලා තියෙන්න පුළුවන් -විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

ඔමික්‍රෝන් මේ වෙනකොටත් ලංකාවේ පැතිරිලා තියෙන්න පුළුවන් -විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

ඇතැම්විට ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වන විටත් ලංකාව තුළ පැතිර ගොස් තිබිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

 

එම කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණිම සියයට සියයක් සම්පූර්ණයෙන් නවතාලිය නොහැකි බව ද වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

 

ඔහු පවසන්නේ මීට පෙර ලෝකයේ ව්‍යාප්ත වු කොවිඩ් වෛරස ප්‍රභේද ද ලංකාවට පැමිණිම වළක්වා ගැනීමට නොහැකි වු බවය.

 

එමෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට පැමිණිය හොත් එය ව්‍යාප්තවීම පාලනය කර ගැනිම සඳහා විවිධ ක්‍රම අනුගමනය කිරීමට සිදුවනු ඇති බව ද වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

views

674 Views

Comments

arrow-up