පලංචියේ සෙල්ලම් කරමින් සිටි දරුවා ඉන් ඇදවැටී මරුට

යාපනය, වඩ්ඩුකෝට්ඩෙයි, තෝල්පුරම් ප්‍රදේශයේ නිවසක පලංචියක් මත සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 11 දරුවෙකු ඉන් වැටී මියගොස් ඇතැයි වඩ්ඩුකොට්ඩෙයි පොලිසිය පවසයි.
මෙම දරුවා තවත් දරුවන් කිහිපදෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී පලංචිය මතට නැග ඇති අතර එහිදී පය ලිස්සා බිම ඇඳවැටුණු දරුවා මියගොස් තිබේ.
අවාසනාවන්ත ලෙස එම සිද්ධියෙන් මියගොස් තිබෙන්නේ යාපනය, වඩ්ඩුකෝට්ඩෙයි තෝල්පුරම් පදිංචි ජයචන්ද්‍රන් තජීදරන් නැමති පිරිමි දරුවෙකි.
පොලිසිය සඳහන් කරන්නේ මියගිය දරුවාගේ දෙමාපියන් පලංචිය මත සෙල්ලම් කරමින් සිටියදී දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකළේ නම් මෙම අනතුර වළක්වාගැනීමට තිබූ බවයි.
වඩ්ඩුකෝට්ඩෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ සිදුකරයි.
721 Views
Comments