ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන සිදුකළ නවතම අනාවරණය

ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.
ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වාදෙන්නේ, දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් ඔමික්‍රෝන් ප්‍රභේදය සම්බන්ධව මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි.
එම වෛරසය ප්‍රතිශක්තීකරණ එන්නත්වලට ප්‍රතිචාර නොදැක්වුවත් බූස්ටර් එන්නතක් මඟින් ආරක්ෂාවීමේ හැකියාව පවතින බවද එම අධ්‍යයනයෙන් හෙළි වී ඇතැයි වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා කියයි.
කෙසේවුවද එම වෛරස් ප්‍රභේදය සම්බන්ධව ස්ථීර නිගමනයකට පැමිණීමට මෙතෙක් හැකියාව නොමැති අතර ඒ සඳහා තවත් කාලය සහ දත්ත අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් සම්බන්ධයෙන් ඊයේ (08) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්දර මහතා මෙලෙස පවසා සිටියේය.
“මේ වන විට මුළු ජනගහනයෙන් 75%කට වැඩි පිරිසකට එක එන්නතක් හෝ ලබා දීලා තියෙනවා.
ඊට අමතරව අපේ ඉලක්ක ගත කණ්ඩායම් බැලුවොත් වයස අවුරුදු 20ට වැඩි අය බැලුවොත් 100%ක් ම එන්නත ලබාගෙන.
මේ අවුරුද්දේ අප්‍රේල්වල ඩෙල්ටා ප්‍රභේද රැල්ල ආව අවස්ථාවේ ප්‍රධාන වෙනසක් තියෙනවා අපේ එන්නත්කරණය මත. ඊට අමතරව ඒ අවස්ථාවේදී තිබුණු ප්‍රභේදය, ඩෙල්ටා ප්‍රභේදයත් මේ අවස්ථාවේ දී තියෙන ඔමික්‍රෝන් ප්‍රභේදයත් අතර විශාල වෙනසක් තියෙනවා.
ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ දරුණුතාවය, සංකූලතා ඉතා ඉහළ බව අපි දැනගත්තා. දැනට සායනික වාර්තාවලින් පෙනෙන පරිදි ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා ඇතිවන රෝගය දරුණම රෝගයක් නොවන බව පෙනෙනවා.
ඩෙල්ටා ප්‍රභේදය රෝගය පවතින දළ කාලසීමාව දින 8.5ක් යැයි සිතුවොත් ඔමික්‍රෝන් නිසා ඇති වෙන දළ කාලසීමාව 2.8ක් පමණ තමා ඔවුන් දක්වලා තියෙන්නේ. ඉතින් මේකෙනුත් පේනවා ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදයේ දරුණුතාවය හා සංකූලතා අඩුබව.”
804 Views
Comments