නිවසට ආ තම සහෝදරයාගේ 14 හැවිරිදි දියණිය කෙලෙසූ විශ්‍රාමික පොලිස් නිලධාරියා සොයා පොලිස් පරීක්‍ෂණ

තම සොහොයුරාගේ 14 හැවිරිදි දියණියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධව දැරියගේ ලොකු තාත්තා වන විශ‍්‍රාමික පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට ගෝනගංආර පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටින මෙම දැරිය පාසල් නිවාඩු කාලයේ ගෝනගංආර ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට පැමිණ එහි නතර වී සිට ඇත.
එම අවස්ථාවේදී ලොකු තාත්තා විසින් දැරියව අවස්ථා කිහිපයකදී දූෂණය කර ඇති බව අනාවරණය වී තිබේ.
මෙම දැරියට ගොඩකවෙල ප්‍රදේශයේදී සිදුවූ තවත් ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් කහවත්ත අධිකරණ වෛද්‍යවරයා සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී ඇයට මීට පෙර බරපතළ ලිංගික අතවරයක් සිදුවී ඇතැයි අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් විමසීමේදී 2019 වසරේ අග භාගයේදී නිවාඩුවකට ගෝනගංආර ප්‍රදේශයේ ලොකු තාත්තාගේ නිවසට ගිය අවස්ථාවේ ඇයට ලොකුතාත්තාගෙන් ලිංගික අතවර සිදුවූ බව දැරිය විසින් වෛද්‍යවරයාට පවසා ඇත.
වෛද්‍යවරයා ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇති අතර ගෝනගංආර පදිංචි දෙදරු පියෙකුවන විශ‍්‍රාමික පොලිස් නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරික්‍ෂණ අරඹා තිබේ.
2023 Views
Comments