සූර්වී පොල් ගෙඩියෙන් ගසා අනියම් බිරිඳගේ පිහි පහරින් අවසන් ගමනේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

සූර්වී පොල් ගෙඩියෙන් ගසා අනියම් බිරිඳගේ පිහි පහරින් අවසන් ගමනේ

සූර්වී පොල් ගෙඩියෙන් ගසා අනියම් බිරිඳගේ පිහි පහරින් අවසන් ගමනේ

නවගමුව උඳුගොඩ පාර ප්‍රදේශයේ නිවසක සිදුවූ බහින් බස් වීමක් අතරතුර අනියම් බිරිඳගේ පිහි පහරට ලක්වූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

 

පසුගිය 07 වනදා සවස සිදුවූ මෙම පිහි ඇනුමින් මරණයට පත්ව තිබෙන්නේ උඳුගොඩ පදිංචි හීනටි හේවගේ සුජිත් නමැති 50 හැවිරිදි පුද්ගලයෙකි.

 

නවගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව කරන මියගිය අය බීමතින් පැමිණ අනියම් බිරිඳට පොල් ගෙඩියකින් පහරදී ගැටුමක් ඇති කරගෙන තිබේ.

 

එම අවස්ථාවේදී කාන්තාව විසින් උල් මේස පිහියකින් ඇන ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

 

පිහි ඇනුම සිදුකළ කාන්තාව සහ පිහිය නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර නවගමුව පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

1350 Views

Comments

arrow-up