ඩෙංගු මර්දන වැඩසටහන්වල සාර්ථකත්වයක් නොමැති බව රවී කුමුදේශ් පවසයි

ඩෙංගු මර්ධන වැඩසටහන්වල සාර්ථකත්වයක් නොමැති බැවින් ඒවා මැන බැලිය යුතු බවත් ඩෙංගු රෝගීන් එන්න එන්නම වැඩි වන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
ජනාධිපති විසින් ක්‍රියාත්මක කරනවා යැයි පැවසූ ඩෙංගු පිළිබද ජනාධිපති කාර්‍ය සාධන බලකාය මේ වන විටත් ක්‍රියාත්මක නොවන බව එතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
මැයි මාසයේ ගතවූ දින 20 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 6,037 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බවත් ඒ අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,745ක් බවත් එතුමා සඳහන් කරයි.
එයින් රෝගීන් 6,709ක් පෙබරවාරි මාසයේදීද, රෝගීන් 6,419ක් මාර්තු මාසයේද, හඳුනාගෙන ඇති අතර රෝගීන් 7,617 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ අප්‍රේල් මාසයේදීය.
රෝග ප්‍රවණතාවය වැඩිවෙමින් පවතින අතර, මර්ධන වැඩසටහනේ ප්‍රතිඵලදායක බව සහ කාර්යක්ෂම බව පිළිබදව පැහැදිළි ප්‍රශ්නාර්ථයක් මතු වී ඇති බව සඳහන් වේ.
මෙරට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් තවදුරටත් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර වසරේ ගතවූ කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8,035 ක් වේ.
දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වුවද ඩෙංගු ව්‍යාප්ත අවදානම මෙතෙක් පහව ගොස් නොමැති බව ඉතා පැහැදිලි බව රවී කුමුදේශ් පවසයි.
ඩෙංගු මර්දනය සඳහා ජනාධිපති කාර්‍යසාධන බලකායක් ඇරඹීමට ජනධිපතිරයා නියෝග කලද මේ වන තුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඒ සඳහා කටයුතු කර ඇති බවක් පෙනෙන්නට නොමති හෙයින් ඒ සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සභාපතුතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
236 Views
Comments