HNB වෙතින් උත්සව සමයේ වාසි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

HNB වෙතින් උත්සව සමයේ වාසි

HNB වෙතින් උත්සව සමයේ වාසි

මෙවර උත්සව සමයේ සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ, නවීන මාදිලියේ රෙදිපිළි සහ ගෘහ භාණ්ඩ ඇතුළු විවිධ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් සමගින් නොයෙකුත් දීමනා ලබා දීමට හැටන් නැෂනල් බැංකුව මෙවරත් කටයුතු කර ඇත.

 

ප්‍රමුඛ පෙළේ පාරිභෝගික වෙළෙඳසැල්, විලාසිතා අලෙවිසැල්, ස්වර්ණාභරණ සහ ඊ-වාණිජ්‍ය සන්නාමයන් මෙන්ම, ඉතා ජනප්‍රිය අවන්හල්, සුපිරි වෙළෙඳසැල් සහ හෝටල් සමග අත්වැල් බැදගනිමින් ලබාදෙන මෙම දීමනා මගින් HNB ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට 2023 මාර්තු 15 සිට අප්‍රේල් 30 වනදා දක්වා කාලය පුරාවට 70% දක්වා වට්ටම් සහ මාස 24 ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් ඇතුළුව ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් පිරිනැමෙන බව හැටන් නැෂනල් බැංකුව සඳහන් කරයි.
 

views

259 Views

Comments

arrow-up