තවත් කොවිඩ් ආසාදිත මරණ 36ක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

තවත් කොවිඩ් ආසාදිත මරණ 36ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 36ක්

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 36 දෙනෙකු පෙරේදා(8) මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(9) තහවුරු කළේය.

 

ඒත් සමඟ මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,692 දක්වා ඉහළ ගොස් තිබේ.

 

මිය ගිය අය අතර වයස අවුරුදු 60ට වැඩි 25 දෙනෙකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 8 දෙනෙකු සහ අවුරුදු 30ට අඩු 03 දෙනෙකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ. 

 

එමෙන්ම ඒ අතර පිරිමි අය 27 දෙනෙකු සහ කාන්තාවන් 9 දෙනෙකු සිටින බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

views

705 Views

Comments

arrow-up