නියොකොව් ප්‍රභේදයත් ලංකාවට ? දැඩි අවදානම් තත්ත්වයක්!
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

නියොකොව් ප්‍රභේදයත් ලංකාවට ? දැඩි අවදානම් තත්ත්වයක්!

නියොකොව් ප්‍රභේදයත් ලංකාවට ? දැඩි අවදානම් තත්ත්වයක්!

දකුණු අප්‍රිකානු නව කොවිඩ් ප්‍රභේදය වන නියොකොව් හෙවත් BA.2 වයිරසය ප්‍රභේදය ඉදිරියේදි මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ව්‍යාප්ත වුවහොත් එය ආසාදිත විම වළක්වාගැනීමට සියලු දෙනා සුදානම් විය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා පැවසුවාය.

 

මෙම ප්‍රභේදය මේ වන විට දකුණු අපිකානු රටවල්වල සහ මැදපෙරදිග රටවල්වල මෙන්ම යුරෝපීය රටවල ව්‍යාප්ත වෙමින් පවතියි.

 

මෙය ආසාදිත වූ පුද්ගලයන් මියයාමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

මෙම ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා ද කොවිඩ් එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාගෙන සිටීම ඉතාම වැදගත් බවත් එම නිසා කඩිනමින් එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

 

නියොකොව් හෙවත් BA.2 ලෙස හැඳින්වෙන කොවිඩ් උප ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා 1.5ක ගුණයකින් සංසරණය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.

 

මේ වනවිට ඔමික්‍රෝන් ප්‍රභේදය ද පෙර පැවැති ප්‍රභේදයන් ද අභිභවා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක මෙම කොවිඩ් ප්‍රභේදය පෙර ප්‍රභේදවලට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

views

952 Views

Comments

arrow-up