බහින්බස්වීම දුරදිග ගොස් පිහි ඇනුම් කෑ තරුණයා මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

බහින්බස්වීම දුරදිග ගොස් පිහි ඇනුම් කෑ තරුණයා මරුට

බහින්බස්වීම දුරදිග ගොස් පිහි ඇනුම් කෑ තරුණයා මරුට

බහින් බස්වීමක් දුරදිග යෑමෙන් ඇතිවූ අරගලයකදී පිහි ඇනුමකට ලක්වූ 19 හැවිරිදි තරුණයකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි මාලබේ පොලිසිය පවසයි.

 

පෙරේදා (31 දා) රාත‍්‍රී 7 ට පමණ ඇතිවූ සිද්ධියෙන් මෙසේ මියගොස් ඇත්තේ ජී. පී. ජයරු ජීවන්ත නමැති 19 හැවිරිදි තරුණයෙකි.

 

සිද්ධිය වූදා මියගිය අය සවස් කාලයේ පොතුඅරාව කැකිරිහේන ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පදිංචිව සිටින මිතුරකු හමුවීම සඳහා ඔහුගේ නිවස වෙත ගොස් තිබෙන අතර එහි සිටි තවත් මිතුරන් තිදෙනකු හා සුහද කතාබහක යෙදී සිටියදී එම ස්ථානයට යතුරුපැදියකින් පැමිණි මිතුරාගේ ඥාතියකු බව පැවසෙන 47 හැවිරිදි අයකු කතාබහේ යෙදී සිටි තරුණ පිරිස හා ආරවුලක් ඇතිකර ගනිමින් බහින් බස්වීමක් සිදුවී ඇතැයි පොලිසිය කියයි.

 

එහිදී මියගිය අයට යතුරුපැදියෙන් පැමිණි අය පහරදීමක් සිදුකර තිබෙන අතර පහරකෑමට ලක්වූ අය ඉන් මිදීමට පහරදුන් අයට නිවසේ වූ පුටුවකින් පෙරළා පහරදීමක් සිදුකර තිබේ.

 

එහිදී බීමත්ව සිටි බවට පැවසෙන යතුරුපැදියෙන් පැමිණි සැකකාර පුද්ගලයා පුටු ප‍්‍රහාරය එල්ල කළ ජයරු ජීවන්ත වෙත පිහි පහරක් එල්ල කර ජයරු සමග සිටි අනෙක් මිතුරන් පසුපස එළවා ගොස් තිබෙන අතර ඔවුන් දිවගොස් තම ජීවිත බේරාගෙන ඇතැයි ඔවුන් පොලිසියට ප‍්‍රකාශ කළ බව පොලිසිය කියයි.

 

පසුව නැවත එම නිවස වෙත පැමිණි මිතුරන් පිහි පහරට ලක්ව බරපතළ තත්ත්වයේ සිටි ජයරු ජීවන්ත තලංගම මූලික රෝහල වෙත යොමුකර තිබෙන අතර එහිදී ඔහු මියගොස් සිටි බව රෝහල් කාර්ය මණ්ඩලය පවසා තිබේ.

 

සිද්ධියට සම්බන්ධ මාලබේ තලාහේනේ පදිංචි 47 හැවිරිදි සැකකරු ප‍්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පවසන පොලිසිය සැකකරු පැමිණි යතුරුපැදිය ඔහුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

 

මාලබේ පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දිමාල් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. නිපුල් ඇතුළු නිලධාරීන් පිරිසක් ඒ පිළිබඳ පරීක්‍ෂණ මෙහෙයවති.

views

1100 Views

Comments

arrow-up