ඉදිකිරීම් අංශයේ විදේශ රැකියා ගැන නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

ඉදිකිරීම් අංශයේ විදේශ රැකියා ගැන නිවේදනයක්

ඉදිකිරීම් අංශයේ විදේශ රැකියා ගැන නිවේදනයක්

ඉදිකිරීම් අංශයේ විදේශ රැකියා සඳහා උනන්දුවක් දක්වන ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ප්‍රමාණ සමීක්ෂකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

 

 

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඉදිකිරීම් අංශයට හිමිවන රැකියා අවස්ථා සුරක්ෂිත කර ගැනීමේ හැකියාව ගවේෂණය කරමින් සිටින බවයි.

 

 

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්දී තිබෙන්නේ  මේ සම්බන්ධයෙන් උනන්දුව දක්වන පුද්ගලයින් හට සිය ජීව දත්ත (CV) ඉදිරිපත් කරන ලෙසයි.

 

 

ජීව දත්ත (CV) ඉදිරිපත් කිරීමට පිවිසිය යුතු ලිපිනය  පහත පරිදි වේ.https://services.slbfe.lk/jobbank/specialjobs?%22 

 

 

මීට අමතරව සෞදි අරාබියේ ඉදිකිරීම් අංශයේ රැකියා ලබාදීමට පවත්වන ලද සමීක්ෂණය සඳහා දැනටමත් තොරතුරු ලබා දී ඇති පුද්ගලයින් මේ හරහා තොරතුරු ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවද සඳහන් කරනු ලබයි.

 

 

views

206 Views

Comments

arrow-up