ශ්‍රී ලංකා වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් අද ආරම්භ වේ

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් මේ වසරේ දී අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බව එතමා සඳහන් කලේය.
පළමුව නෞකා නැගෙනහිර පර්යන්තයට පැමිණ භාණ්ඩ පැටවීම සහ ගොඩබෑම පමණක් සිදු කෙරෙන අතර සේවා සැපයීම ඉන් පසුව සිදු කිරීමටයි සැලසුම් කර තිබේ.
දෙවන අදියරේ ඉදි කිරීම් ආරම්භ කරමින් පෞද්ගලික පර්යන්ත දෙකක් ද නැගෙනහිර පර්යන්තයේ ක්‍රියාත්මක වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේය.
අමාත්‍යවරයා සඳහන් කළේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය සතු සම්පතක් ලෙස ආරක්ෂා කර ගැනීමට වෘත්තීය සමිති දැවැන්ත සටනක් සිදුකළ බවයි.
213 Views
Comments