කොටුව දුම්රිය ස්ථානයේ බෝනික්කෙකු ඔතා දරුවෙකු බවට අඟවා සිඟමන් යැදි කාන්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

කොටුව දුම්රිය ස්ථානයේ බෝනික්කෙකු ඔතා දරුවෙකු බවට අඟවා සිඟමන් යැදි කාන්තාව

කොටුව දුම්රිය ස්ථානයේ බෝනික්කෙකු ඔතා දරුවෙකු බවට අඟවා සිඟමන් යැදි කාන්තාව

රෙද්දකින් ඔතාගත් බෝනික්කෙකු තුරුල් කරගෙන බෝනික්කා දරුවෙකු බව අඟවා මගීන්ට අතපාමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ සිඟමනේ යෙදුණු කාන්තාවක් පසුගිය සිකුරාදා අල්ලාගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි. 

 

අත දරුවාට කිරිපිටි මිලදී ගැනිමට වත්කමක් නොමැති බව කියමින් මෙම කාන්තාව සිගමනේ නිරතව සිටියේ යැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියෙක් පැවසීය.

 

මගීන්ගේ අනුකම්පාව දිනාගැනීමට මෙවැන්නක් කළ බව ඇය පවසන්නේ යැයිද දුම්රිය ආරක්ෂක හමුදාව කියයි.

 

අත දරුවෙකු රෙද්දකින් ඔතාගෙන සිටින ආකාරයට එම දරුවාට හුස්ම ගැනීමට අපහසුතාවක් ඇති තිබෙන බවට පෙනී ගිය නිසා එය දුටු දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියෙක් ඒ බව දැනුවත් කිරීමට කාන්තාව අසලට ගිය අවස්ථාවේ ඇය තුරුලු‍ කරගෙන සිටින්නේ බෝනික්කෙකු බවට එම නිලධාරියා දැක ඇත. 

 

අල්ලාගත් කාන්තාවට දැඩි ලෙස අවවාද කර මුදා හැර ඇය සන්තකයේ තිබු බෝනික්කා විනාශ කර දැමු බව දුම්රිය ආරක්ෂක හමුදා ආරංචි මාර්ග පවසයි.

views

343 Views

Comments

arrow-up