බසය පෙරලී 18ක් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

බසය පෙරලී 18ක් රෝහලට

බසය පෙරලී 18ක් රෝහලට

නුවරඑලිය, උඩුපුස්සැල්ලාව සිට මඩකලපුව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් වලපනේ මහව්ව වංගුවේදී පෙරලිමෙන් පුද්ගලයින් 18ක් තුවාල ලබා ඇතැයි වලපනේ පොලිසිය පවසයි.

 

මඩකලපුවේ සිට උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට පැමිණි පිරිසක් රැගත් එම බසය උත්සවය අවසන් වි(30) දින ආපසු මඩකලපුව දක්වා ගමන් කරමින් සිටියදි අධික බැවුමක් සහිත ප්‍රදේශයේදි බස් රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරලි ඇතැයි මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේය.

 

අනතුරෙන් තුවාල ලැබු කාන්තාවන් පස්දෙනෙකු රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මහ රෝහලට සහ අනෙකුත් තුවාලකරුවන් වලපනේ ප්‍රාදේශිය රෝහලේ ඇතුලත් කර ඇති බවත්, අනතුරෙන් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බවත් වලපනේ පොලිසිය කියා සිටියේ.

 

බස් රථය ගමන් ගත් මාර්ගය අධික බැවුමක් සහිත මාර්ගයක් බවත්, බස් රථයේ තිරිංග පද්ධතියේ ඇතිවු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බවත් අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වලපනේ පොලිසිය වැඩිදුරටත් පැවසීය.

views

316 Views

Comments

arrow-up