පන්සල ඇතුලේ නිධන් හෑරු හිමිනම ඇතුළු තුනක් අත්අඩංගුවට

මීගහකිවුල, කරඳගහමඩ ප්‍රදේශයේ ඉපැරැණි විහාරස්ථානයක ඉඩමේ නිධානයක් හාරමින් සිටි එම විහාරයේ හිමිනමක් ඇතුලු තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මීගහකිවුල කරඳගහමඩ ප්‍රදේශයේම පිහිටි ඉපැරැණි විහාරස්ථානයක වැඩ විසූ අවුරුදු 52 හැවිරිදි හිමිනමක් හා අවුරුදු 28ක් හා 25ක් වයසැති එම ප්‍රදේශයේම පදිංචි තරුණයින් දෙදෙනෙකි.
කන්දකැටිය පොලිසිය වෙත ලද තොරතුරකට අනුව කන්දකැටිය පොලිසිය සිදුකළ හදිසි වැටලීමකදී සැකකරුවන් හා භාණ්ඩ අත් අඩංගුවට ගෙන ඇත.
247 Views
Comments